
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ඉන්දුනීසියාවට පැමිණ සිටින බවට ඔත්තුව එම පාතාල නායකයාට ලබාදුන් බව කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කියාසිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේම සිටිමින් මෙම පාවාදීම සිදු කළ නිලධාරියාට කිසිම සමාවක් නොලැබෙන බවයි.
රොහාන් ඕලුගල සහ මහින්ද ජයසුන්දර නමැති සහකාර පොලිස් අධිකාරිවරුන් තමන් අත්අඩංගුවට ගැනීමට ඉන්දුනීසියාවට පැමිණි බවට තොරතුරු පොලිසියේම ඉහළ නිලධාරියකු විසින් ලබාදුන් බව ඩුබායි හි සිටින දරූන් නමැති පාතාල මැරයා විසින් හෙළිකර ඇත.
දරූන් නමැති පාතාල මැරයා ද කෙහෙල්බද්දර පද්මේගේ පාතාල කල්ලියේ ප්‍රබලයකු වන අතර ඔහු ද විදේශගතව සිටියි.
සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනා ඉන්දුනීසියාවට පැමිණි බව සැලවීමත් සමගම කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් තමන් පදිංචි වී සිටි සුපිරි මහල් නිවාසය ද අතහැර වෙනත් මහල් නිවාසයකට පළාගොස් තිබිණි.
පොලිසියෙන්ම ලැබුණු මෙම ඔත්තුව නිසා යම්කිසි ආකාරයකට මේ පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ නම් එය විශාල පාඩුවක් බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම කෙහෙල්බද්දර පද්මේට අන්තර්ජාතික පොලිසියේ රතු වරෙන්තුවක් ලබාගත් බව ඔහුට දැනුම්දී ඇත්තේ පොලිස් නිලධාරියකු විසින් බව ද මේ වනවිට අනාවරණය වී ඇත.
මෙම පොලිස් නිලධාරියා අදාළ රතු වරෙන්තුවේ කොපියක් කෙහෙල්බද්දර පද්මේගේ වට්ස්ඇප් දුරකථනය වෙත යවා තිබී ඇති බව ද අනාවරණය වී තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart