
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අරගල සමයේ අතුරුදන් වූ ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපතිවරුන් සතු පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක වටිනාකමකින් යුත් ලාංඡන සහ වෙනත් වස්තූන් ජූලි 31 වැනිදාට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදෙන ලෙසත් එසේ නොමැතිනම් නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
2022 ජූලි 09 සිට ජුලි 14 දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය බලහත්කාරයෙන් අල්ලා ගැනීමේදී ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපතිවරුන්ට අයත්ව තිබූ ලාංඡන ඇතුළු විවිධ වටිනා කෞතුක වස්තු සහ පුරාවිද්‍යාත්මක භාණ්ඩ රැසක් අතුරුදහන් වූ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
නීතිවිරෝධී ලෙස රාජ්‍ය දේපළ සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් නියමිත කාලය ඉක්මවා මෙම නිල ලාංඡන හෝ භාණ්ඩ ළඟ තබා ගැනීම නීතිමය ප්‍රතිවිපාකවලට තුඩු දෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක අවධාරණය කරයි.
මෙම අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධයෙන් කිසියම් හෝ තොරතුරක් දන්නේ නම්, 0112354354 දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය අමතන ලෙස ජනාධිපති ලේකම්වරයා ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart