September 18, 2025

දෙණි­යාය මූලික රෝහ­ලට අයත් ගිලන් රථ­යක් මොර­වක අතු­ඇළ තුන්බෝ­ධිය අස­ලදී පෙරේදා (16) රාත්‍රී මාර්ග­යෙන් ඉව­තට පැන අන­තු­රක් සිදුව ඇතැයි මොර­වක පොලී­සිය පව­සයි.

දෙණි­යාය මූලික රෝහලේ සිට රෝගීන් දෙදෙ­නෙකු මාතර මහරෝහ­ලට ගිලන් රථ­යෙන් රැගෙන යන අත­ර­තුර මෙම අන­තුර සිදුව ඇතැයි පොලී­සිය පැවැ­සීය.

ගිලන් රථය අන­තු­රට ලක්ව ඇත්තේ පෙරේදා (16) රාත්‍රී 11.00 – 12.00ත් අතර කාලයේ බවත් අන­තුර සිදු­වන අව­ස්ථාවේ ගිලන් රථයේ රියැ­දුරු, රිය සහා­යක, සෞඛ්‍ය කාර්ය සහ­ය­ක­ව­රි­යක, රෝගීන් දෙදෙ­නෙකු සමඟ පස්දෙනකු ගමන් කර ඇත.

අන­තු­රින් පසු ගිලන් රථයේ රියැ­දුරු පළා­ගොස් තිබූ බවත් පළා­ගිය රියැ­දුරු ඊයේ (17) උදේ පොලී­සි­යට පැමිණ භාර­වී­මෙන් පසු අත්අ­ඩං­ගු­වට ගත් බවට පොලී­සිය පැවැ­සීය.

අන­තු­රින් කිසි­ව­කු­ටත් තුවාල සිදුව නැති අතර ගිලන් රථයේ සිටි රෝගීන් දෙදෙනා වෙනත් ගිලන් රථ­ය­කින් රෝහ­ල්ගත කර තිබිණි.

අත්අ­ඩං­ගු­වට ගත් ගිලන් රථයේ රියැ­දුරා අන­තුර සිදු­වන අව­ස්ථාවේ බීම­තින් සිටි­යාද යන්න තහ­වුරු කර ගැනී­මට වෛද්‍ය පරී­ක්ෂ­ණ­යක් සිදුකරන බවට පොලී­සිය පැවැ­සීය.

ගිලන් රථයේ රියැ­දුරා මොර­වක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත. මොර­වක පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක බී.ඒ. පනා­ව­ලගේ උප­දෙස් මත රථ­වා­හන අංශයේ නිල­ධා­රීන් විසින් අන­තුර සම්බ­න්ධ­යෙන් වැඩි දුර පරී­ක්ෂණ සිදුකරයි.(දිනමිණ)