
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ලන්ඩනයේ ක්ලැරන්ස් හවුස්හිදී ඔහුගේ පියා වන බ්‍රිතාන්‍යයේ 03 වැනි චාල්ස් රජු හමුවී ඇත.
2024 පෙබරවාරි මාසයෙන් පසුව පිය පුතු දෙපළ අතර මුහුණට මුහුණ පළමු හමුව එයයි.
මිනිත්තු 50ක් පමණ පැවති හමුවේදී රජු සිය පුත්‍රයා සමග පෞද්ගලික තේ පැන් සංග්‍රයකට ද එක්වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබේ.
එම හමුවෙන් අනතුරුව ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හැරී කුමරු පැවසුවේ සිය පියා විශිෂ්ට පුද්ගලයකු බවයි.
හැරී ඔහුගේ බිරිඳ වන මේගන් සමග විවාහ වීම සහ අනතුරුව රජ පවුලේ තනතුරුවලින් ඉවත් වීම හමුවේ දෙපාර්ශවය අතර සබඳතා දෙදරා ගිය අතර, නැවත දෙපාර්ශවය සබඳතා ගොඩනගා ගැනීම සහ විශ්වාසය ගොඩනැගීමේ පළමු පියවර ලෙස මෙම හමුව සැලකේ.
ස්කොට්ලන්තයේ රැඳී සිටි චාල්ස් රජු හැරී කුමරුගේ හමුව සඳහා ඊයේ ලන්ඩනයට පැමිණ තිබේ.
2020 සිට එක්සත් ජනපදයේ පදිංචිව සිටින හැරී කුමරු පුණ්‍ය ආයතනයක කටයුතු සඳහා ඉකුත් දා එක්සත් රාජධානියට පැමිණි අතර ඊට සමගාමීව ඔහු රජුව හමුවිය.
හැරී කුමරු ඉකුත් මැයි මාසයේදී බීබීසී පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හැඟීම්බරව පවසා තිබුණේ සිය පවුල සමඟ යළි සබඳතා ගොඩනඟා ගැනීමට අවශ්‍ය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart