
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්රිකට් පිටියෙන් විශ්රාම ගැනීමේ තීරණය ප්රකාශයට පත් කර දිනක් ගතවිමෙන් අනතුරුව, සිය තීරණය හකුළාගැනීමට බංග්ලාදේශ එක්දින ක්රිකට් කණ්ඩායමේ නායක තමිම් ඉක්බාල් කටයුතු කර තිබේ.
තමිම්ගේ තීරණය පිළිබද සැලවීමත් සමග බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා පැමිණ තමන් හමුවන ලෙස ආරධනා කළ බවත්, එහිදී අගමැතිනිය දැඩි ලෙස අවවාද කිරීමක් සිදුකළ බවත් තමිම් ඉක්බාල් පවසයි.
අගමැතිනියගේ ඉල්ලීමට එරෙහි තීරණයක් ගැනීමට නොහැකි බැවින් අන්තර්ජාතික ක්රිකට් පිටියෙන් විශ්රාම ගැනීමේ තීරණය වෙනස් කිරීමට සිදුවු බව තමිම් ඉක්බාල් ප්රකාශ කර ඇත.
තමිම් ඉක්බාල් සමග බංග්ලාදේශ අගමැතිනිය හමුවීමට ඔහුගේ බිරිද, එරට හිටපු ක්රිකට් නායක මස්රෆි මොටාසා සහ බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාද එක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart