
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ සිට වැලිමඩ බස් රථයකින් බලා ගමන් කරමින් සිටි පුද්ගලයකුට නින්ද යෑම නිසා සිය ගමනාන්තය මඟ හැරී වෙනත් ප්‍රදේශයකදී බස් රථයෙන් බැස ගමන් කරමින් සිටියදී කොල්ලකරුවකු ලෙස වරදවා වටහාගෙන එම ප්‍රදේශයේ ගම්වැසියන් ඔහුට දරුණු ලෙස පහර දී තිබේ.
එම පහරදීමේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනු දැකීමෙන් පසු ඔහු සියදිවි නසාගෙන ඇත.
රාමචන්ද්‍රන් පුවනේෂ්වරන් නොහොත් මුරලි (34) නම් එම පුද්ගලයා පුස්සැල්ලාව රොත්ස්චයිල්ඩ් වතුයායේ පදිංචිකරුවෙකි.
පරීක්ෂණවලින් හෙළි වූයේ ඔහුගේ මව්පියන් මිය ගොස් ඇති බවත් ඔහුගේ එකම සහෝදරිය වෙනත් ප්‍රදේශයක ජීවත් වන බවත්ය.
රොත්ස්චයිල්ඩ් වතුයායට යන අතරතුර ඔහුට බස් රථයේදී නින්ද යෑම නිසා අලුයම 2.00ට පමණ රම්බොඩ ප්‍රදේශයෙන් බැස ඇත.
ඒ අනුව ඔහු රම්බොඩ ප්‍රදේශයේ ජීවත් වන ඥාතියකු සොයා යෑමට තීරණය කර ඇතත් අවාසනාවකට ඔහුට එම නිවස සොයා ගැනීමට හැකි වී නැත.
ඔහු උදව් ඉල්ලා නිවසක දොරට තට්ටු කළ විට, සොරෙකු යැයි හැඟීමෙන් නිවැසියන් කෑගැසීම නිසා අසල්වැසියන් එම ස්ථානයට පැමිණ මොහුට පහර දී තිබේ.
පසුව ගම්වැසියන් ඔහුව ගසක බැඳ කොත්මලේ පොලිසියට භාර දී ඇත.
පරීක්ෂණවලින් ඔහුගේ නිර්දෝෂී බවහෙළි වූ අතර පොලිසිය ඔහුව පොලිස් ඇප මත මුදා හැර වෛද්‍ය පරීක්ෂණයකින් පසු රොත්ස්චයිල්ඩ් වතුයායේ ඥාතීන්ට භාර දුන්නේය.
කෙසේවෙතත්, ඔහුට පහර දුන් පුද්ගලයන් සිද්ධියේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට මුදා හැරීම නිසා ඔහු සියදිවි නසාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart