September 8, 2025

ටොන් ගණ­නා­වක් බරැති ලොව විශා­ල­තම කුරු­වින්ද මැණික් පොකුර (Corundum Sapphire) අලෙවි කිරී­මට සූදා­නම් වේ.

ගෝලීය ප්‍රව­ර්ධන අන්තර්ජාතික සහ කේසර සිංහ ජෙම්ස් පෞද්ග­ලික සමා­ගම ලබන 11 වැනිදා කොළඹ නවම් මාවත, ලංකා වාණිජ මණ්ඩල වෙන්දේසි ශාලා­වේදී පැවැ­ත්වී­මට නිය­මිත මැණික් හා ස්වර්ණා­භ­රණ පොළ අව­ස්ථා­වේදී මෙය සිදුකිරී­මට නිය­මි­තය.

මෙරට මැණික් වෙළෙ­ඳාම යළිත් ඔසවා තබ­මින් ශ්‍රී ලංකාවේ මැණික් නාමය අන්තර්ජාතික වෙළෙ­ඳ­පො­ළට රැගෙන යෑමේ අර­මු­ණින් ගෝලීය ප්‍රව­ර්ධන ජාත්‍ය­න්ත­රය සහ කේසර සිංහ ජෙම්ස් පෞද්ග­ලික සමා­ගම මෙය සංවි­ධාන කරයි.

මෙරට ඈත පිටි­සර පළා­ත්ව­ලින් හමුවන මැණි­ක්ව­ලට ඉහළ සහ සාධා­රණ මිලක් කොළඹ වෙළෙ­ඳ­පොළේ දී ලබාදීමේ අර­මු­ණින් මේ මැණික් පොළ සංවි­ධාන කරන බව ගෝලීය ප්‍රව­ර්ධන ජාත්‍ය­න්ත­රයේ ප්‍රධාන විධා­යක නිල­ධාරි, ආචාර්ය තිල­ක­සිරි විතා­රණ පවසයි.

කොළඹ මැණික් වෙන්දේ­සි­යට අම­ත­රව තායි­ල­න්තය, සිංග­ප්පූ­රුව, ජපා­නය, අමෙ­රි­කාව ඇතුළු ලොව පිළි­ගත් මැණික් වෙළෙ­ඳ­පොළ වෙත මෙරට වෙළෙ­ඳුන්ගේ මැණික් යොමු කිරී­ම­ටත්, ඒ හරහා ඔවුන්ගේ ආදා­යම් වැඩි කිරී­ම­ටත් මෙයින් අපේක්ෂා කෙරේ.

ඒ සඳහා මෙරට ආධු­නික මැණික් වෙළෙ­ඳුන්ට ද අව­ස්ථාව උදා­කි­රීම තම අර­මුණ බව ද විතා­රණ මහතා පැව­සීය. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ නිෂ්පා­දන කළ­ම­නා­ක­ර­ණය හා අලෙවි කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ සහ මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ මැණික් විද්‍යාව පිළි­බඳ බාහිර කථි­කා­චාර්ය, ආචාර්ය සත්‍ය­ජිත් ධර්ම­ප්‍රිය බුත්පි­ටිය මහතා විශා­ල­තම මැණික් පොකුර පරීක්ෂා කිරී­මෙන් පසු මාධ්‍ය­යට අද­හස් දක්ව­මින් කියා සිටියේ මේ අලෙ­වි­යට ඉඩ තැබී­මෙන් මැණික් වෙළෙ­ඳාම් ඉති­හා­සයේ විශා­ල­තම ගනු­දෙ­නු­වක් සිදු වනු ඇති බවයි.