April 9, 2026

තඹුත්තේගම මල්වානේගම ප්‍රදේශයේදී බදාදා (08) පෞද්ගලික ආරවුලක් මත මුණුබුරා විසින් පහරදී 82 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ වයස අවුරුදු 23 ක් වන සැකකරු වින්දිත කාන්තාවට පොල්ලකින් පහර දී ඇති බවයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.