
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දඹුල්ල රාජමහා විහාරය, ශ්‍රී දළදා මාළිගාව, ථූපාරාමය සහ ශ්‍රී මහා බෝධිය ඇතුළු ප්‍රධාන පූජනීය ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් සහ බුදුරජාණන් වහන්සේගේ ඡායාරූප විකෘති කරමින් වට්සැප් (WhatsApp) සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේෂසහගත ප්‍රකාශ හුවමාරු කළ බවට චෝදනා ලැබූ 21 හැවිරිදි තරුණයකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (01) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි ඒ.එම්. අමෝද්‍ය මතීශ නැමැති 21 හැවිරිදි තරුණයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ආවේක්ෂණ හා බුද්ධි ඒකකය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
දඹුල්ල රාජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය ධානියගම ආනන්ද අනුනායක හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේය.
විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියාසිටියේ, අදාළ සැකකරු ප්‍රධානත්වය දැරූ වට්සැප් සමූහයක් තුළ 2026/11/19 දින “දළදා මාළිගාව, ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජනීය ස්ථාන රැසකට ප්‍රහාර දියත් කිරීම අපගේ එකම අරමුණයි” යනුවෙන් සටහන් කරමින් බුදුදහම විනාශ කිරීමේ පණිවිඩ හුවමාරු කර තිබූ බවයි. අදාළ වට්සැප් සමූහයේ තිර පිටපත් (Screenshots) ද විමර්ශන නිලධාරීන් විසින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ඉදිරිපත් වූ සියලු කරුණු අධ්‍යයනය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් සැකකරු ලබන 16 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart