
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසිය විසින් 2025 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා ටී. 56 ගිනිඅවි 73 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එන්. යූ. වුට්ලර් අනාවරණය කරයි.
ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, පිස්තෝල 83ක්, රිවෝල්වර ඇතුළු පැති අවි 59ක්, විවිධ ගිනිඅවි 2126 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
2025 ජනවාරි 01 සිට හෙරොයින් කිලෝ 1793යි ග්‍රෑම් 139 ක්, අයිස් කිලෝ 3683 යි ග්‍රෑම් 163ක්, ගංජා කිලෝ 16,683 යි ග්‍රෑම් 62ක්, කොකේන් කිලෝ 37 යි ග්‍රෑම් 899ක්, හෂීෂ් කිලෝ 746 ග්‍රෑම් 673 ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔහු පැවසීය.
පොලිසිය විසින් හදිසි සෝදිසි කිරීම්, මෙහෙයුම් සහ වැටලීම් මගින් පුද්ගලයන් හැත්තෑ නව ලක්ෂ හාරසිය හැට එකක් පරීක්ෂා කර විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 6641 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.
දින වරෙන්තුකරුවන් (දිනයට අත්අඩංගුවට ගැනීමට නියමිත) 73,634ක් සහ විවෘත වරෙන්තුකරුවන් 48,335 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද හෙතෙම අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart