
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වීසා නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76 දෙනෙකු මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වෙමින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
වාර්තාවලට අනුව, මෙම පුද්ගලයන් සංචාරක සහ ව්‍යාපාරික වීසා යටතේ මෙරටට ඇතුළු වී ඇත.
ඔවුන්ගෙන් 36 දෙනෙකු වීසා කාලය ඉක්මවා රැඳී සිට ඇති අතර, ඉතිරි 40 දෙනා වීසා කොන්දේසි උල්ලංඝනය කර නීති විරෝධී ලෙස මෙරට පදිංචිව සිටි බව අනාවරණ වී තිබේ.
මෙම කණ්ඩායමට කාන්තාවන් හය දෙනෙකු ඇතුළුව වයස අවුරුදු 25ත් 35ත් අතර පුද්ගලයන් ඇතුළත් බව පැවසේ.
ආගමන හා විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජගේ උපදෙස් මත සැකකරුවන් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ඇත.
නියමිත වේලාවට ඔවුන් රටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බව නිලධාරීහු ප්‍රකාශ කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart