
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වසරේ මුල් මාස 04 තුළ මෙරට වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 700කට අධික පිරිසක් මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම මාර්ග අනතුරුවලින් පුද්ගලයන් 709 දෙනෙකු මියගොස්, 2160 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, 3201 දෙනෙකුට සුළු අනතුරු සිදුවී තිබේ.
මේ අතුරින් අනතුරු වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ යතුරුපැදි හේතුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
2023 අප්‍රේල් 30වැනිදා වන විට රිය අනතුරු 8,202ක් වාර්තා වී ඇති අතර, ඉන් 667ක් මාර්ග අනතුරු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදෙයි.
වාර්තා වූ මරණ 709න් 220ක් යතුරුපැදිකරුවන් ද 102ක් මගීන් සහ 179ක් පදිකයන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව පවසයි.
බොහෝ අනතුරුවලට හේතුව යතුරුපැදි වන අතර, ඊට පසුව ත්‍රිරෝද රථ බවට හඳුනාගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා මාර්ග නීති පිළිපැදීමට වගබලාගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart