
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සහ විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීම අරමුණු කරගනිමින් රජය ආරම්භ කළ ‘බැටරි බලශක්ති ගබඩා පද්ධති’ (Battery Energy Storage System) ව්‍යාපෘතියේ තවත් ඒකක හතක් ඊයේ (25) සවස කොළඹ වරායට ළඟා වී තිබේ.
වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයට අනුව, මෙම පද්ධති පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වවුනතිව්, වාලච්චේන සහ මහියංගණය යන ප්‍රදේශවල පිහිටි උපවිදුලි බලස්ථාන අසල ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම බැටරි ගබඩා පද්ධති හත සතුව විදුලි බලය මෙගාවොට් 280ක් (280MW) ගබඩා කර තබා ගැනීමේ සමස්ත ධාරිතාවක් පවතින අතර, ඉන් දිනකට මෙගාවොට් 70ක (70MW) බලශක්ති ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට සැපයීමට සැලසුම් කර ඇත.
ජාත්‍යන්තර විවෘත ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා තෝරාගත් ‘වින්ඩ්ෆෝස් පීඑල්සී’ (Windforce PLC) නැමැති පෞද්ගලික සමාගම මෙම බැටරි ගබඩා පද්ධති එකලස් කිරීම සහ ස්ථාපිත කිරීමේ වගකීම දරයි. එම සමාගම දැනටමත් දිවයිනේ ස්ථාන කිහිපයක මෙවැනි පද්ධති සවි කිරීමේ කටයුතුවල නිරතව සිටී.
මෙම ව්‍යාපෘතිය යටතේම ජූනි මාසය මුලදී මෙරටට ගෙන්වන ලද තවත් බැටරි ගබඩා පද්ධති අටක් (8) මේ වන විට තෝරාගත් උපපොළවල් අසල ස්ථාපිත කරමින් පවතින අතර, ජූලි මස අවසන් වන විට එහි වැඩකටයුතු නිම කිරීමට නියමිතය. එමඟින් ජාතික පද්ධතියට මෙගාවොට් 80ක (80MW) විදුලි බලයක් එක් කිරීමට අපේක්ෂිතය.
මෙම බලශක්ති ගබඩා පද්ධතිවල මෙහෙයුම් සහ කළමනාකරණ කටයුතු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ‘ජාතික පද්ධති ක්‍රියාකරු’ (National System Operator – NSO) විසින් සිදුකරනු ලබන අතර, එහි නඩත්තු කටයුතු අදාළ පෞද්ගලික සමාගම විසින් සිදුකරනු ඇත.
මෙම බැටරි ගබඩා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් රටේ විදුලි සැපයුම ස්ථාවර කිරීමටත්, පාරිසරික බලපෑම් අවම කිරීමටත්, ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීමටත් හැකිවන බව රජය පවසයි.
එමෙන්ම, වඩාත් කාර්යක්ෂම බලශක්ති කළමනාකරණයක් ඔස්සේ අනාගතයේදී එහි මූල්‍යමය වාසි සෘජුවම විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart