March 11, 2026

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදා මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා ඇමරිකානු භටයින් 140ක් පමණ තුවාල ලබා ඇති බව පෙන්ටගන ප්‍රකාශක ෂෝන් පාර්නල් ප්‍රකාශ කළේය.

ඒ අතර බරපතල තුවාල ලැබූ හමුදා සාමාජිකයින් 08 දෙනෙකු ද වේ.

ඉරානයට එරෙහිව අමෙරිකාව ‘Epic Fury’ මෙහෙයුම ආරම්භ කිරීමෙන් අනතුරුව දින 10 ක් පුරා පැවැති ගැටුම් හමුවේ ගැටුම් පැවැති දින 10ක් පුරා පැවති ප්‍රහාර හමුවේ ඇමරිකානු සේවා සාමාජිකයින් 140ක් පමණ තුවාල ලබා ඇතැයි පාර්නල් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

”මෙම තුවාලවලින් බහුතරයක් සුළු තත්ත්වයේ පවතින අතර, සේවා සාමාජිකයින් 108 දෙනෙකු දැනටමත් නැවත සේවයට වාර්තා කර තිබෙනවා. අටදෙනකු තවමත් බරපතල තුවාල ලැබූවන් ලෙස ලැයිස්තුගත කර ඇති අතර, ඔවුන්ට ඉහළම මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනවා.” යනුවෙන් ද ඔහු පැවසුවේය.

බරපතල තුවාල ලැබූවන් ලෙස සැලකෙන හමුදා සාමාජිකයන් අතර මරණය පවා සිදුවිය හැකි අසාධ්‍ය අවස්ථාවන් ද ඇතුළත් වන බව ඇමරිකානු නිලධාරියෙකු මීට පෙර CNN පුවත් සේවයට පවසා තිබිණි.

මේ දක්වා සටනේදී ඇමරිකානු හමුදා සාමාජිකයින් හත්දෙනෙකු මියගොස් ඇති අතර, මෑතකදීම මියගිය සෙබළාගේ දේහය ඉකුත් සඳුදා ඩෙලවෙයාර්හි ඩෝවර් ගුවන් හමුදා කඳවුරේදී පූර්ණ ගෞරව සහිතව භාරගනු ලැබීය.