
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර තහනම් උත්තේජක භාවිතය ඉහළ යමින් ඇති පසුබිමක, ක්‍රීඩා 11ක ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67 දෙනෙකු තහනම් උත්තේජක භාවිත කර ඇති බව අනාවරණ වී ඇතැයි ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසයි.
2011 සිට 2025 දක්වා කාලය තුළ තහනම් උත්තේජක භාවිතය බහුලව තිබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ක්‍රිකට්, රග්බි, ජවන හා පිටිය, පා පැදි, කායවර්ධන, බර ඉසිලීම, බොක්සිං, මල්ලවපොර, කබඩි සහ දැල්පන්දු යන ක්‍රීඩාවල නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බව ද ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකා තහනම් උත්තේජක විරෝධී ආයතනය විසින් කරන ලද පරීක්ෂණ මගින් තහවුරු වූ පරිදි, මලල ක්‍රීඩා , කායවර්ධන , පා පැදි සහ රග්බි යන ක්‍රීඩාවල නිරත පිරිස් අතර වැඩිම තහනම් උත්තේජක භාවිත කිරීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ අනාවරණ කළේය.
ඔහු පෙන්වාදුන්නේ ජාතික ඉසව්වල විශිෂ්ටත්වය පෙන්වීමට සහ අන්තර්ජාතික පදක්කම් ලබාගැනීම සඳහා ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිත කිරීමට පෙළඹී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සිදුවන්නේ ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් සෘජුවම දඬුවම් නියම කිරීම බවත්, තහනම් උත්තේජක සඳහා බලපෑම් කළ පුහුණුකරුවන්ට හෝ බාහිර පාර්ශවයන්ට කිසිදු දඬුවමක් නියම නොවන බවත් ඔහු පැහැදිලි කළේය.
අසල්වැසි රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් යන දොපාර්ශවයම එවැනි උල්ලංඝනයන් සඳහා දඬුවම් ලබන බවත්, ක්‍රීඩාව ගුණාත්මකභාවයෙන් පවත්වාගෙන යෑමේ අඛණ්ඩ අභියෝගය සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සහ අනෙකුත් ක්‍රීඩා වල අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා දැඩි තහනම් උත්තේජක විරෝධී රෙගුලාසිවල අවශ්‍යතාවය ද ඔහු පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart