
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස විදේශිකයන්ට ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය පොලිස් නිලධාරීන් 6 දෙනෙකු අත්අඩංගුවේ සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධ විමර්ශනවලදී ඉන්දීය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් 26 දෙනා අතර ශ්‍රී ලාංකික සරණාගතයන් තිදෙනෙකු ද සිටින බව වාර්තා වේ.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වසරේ ජනවාරි මාසයේදී මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කළ බවයි.
පසුගිය සෙනසුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර ලබා දුන් ඉන්දියානුවකු අත්අඩංගුවට ගෙන තිබිණි.
තමිල්නාඩුවේදී ප්‍රියා ධර්මලිංගම් නමැති ඉන්දීය ජාතික කාන්තාව සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් වන්නේ වරුනියා තිරුවානාවුක්කරසු සහ සංජිකා නමැති දෙදෙනායි.
දැනට කර ඇති විමර්ශන මගින් හෙළිවී ඇත්තේ ප්‍රියා වැනි මැදිහත්කරුවන්ගේ අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබේ.
දැනට අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එවැනි පහසුකම් සැපයූ නියෝජිතයන් 16 දෙනෙකු, පොලිස් නිලධාරීන් 6 දෙනෙකු, විදේශ ගමන් බලපත්‍ර සේවා මධ්‍යස්ථානයේ සේවකයකු සහ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart