
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් පෝලිමේ රෝගීන් පන්දහසකට (5000) ආසන්න සංඛ්‍යාවක් සිටින බවත්, මෙම රෝගීන්ගේ ශල්‍යකර්ම සඳහා බලාපොරොත්තු වන දිනය වසර හතරක් දක්වා දීර්ඝ කාලයක් ගතවීම නිසා බරපතල තත්ත්වයක් හටගෙන ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ කොළඹ ජාතික රෝහල මගින් ලබාගන්නා ලද දත්ත මත මෙම අනාවරණය සිදුකර තිපෙන බවද වෛද්‍ය චමල් සංජීව පවසයි.
කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් වාට්ටු පහක පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් සංඛ්‍යාව 5000 කට ආසන්න බවත්, මෙම රෝගීන් සඳහා ශල්‍යකර්මය සඳහා අපේක්ෂිත දිනය උපරිම වශයෙන් වසර හතරක කාලසීමාවක් බව සඳහන් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
හදිසි හදවත් සැත්කම් බලාපොරොත්තුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල රෝගීන් විශාල සංඛ්‍යාවක් මේ අන්දමට පොරොත්තු ලේඛනවල රැඳීසිටින අතර, ඔවුන්ට ඉතා විශාල මුදලක් ගෙවා පෞද්ගලික අංශයෙන් ශල්‍යකර්ම සිදුකර ගැනීමට නොහැකි වීම නිසා රෝගිහු දැඩි අපහසුතාවයකට පත් ව සිටින බවද ඒ ඔහු පවසයි.
රාජ්‍ය අංශයෙන් මෙම ශල්‍යකර්ම සිදුකිරීමට බලාපොරොත්තු වන දිනය පැමිණෙන විට රෝගීන් මියයෑමේ සම්භාවිතාව ඉතා ඉහළ අගයක් විය හැකි බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
කොළඹ ජාතික රෝහල ආශ්‍රිතව හදවත් සැත්කම් සඳහා තට්ටු දහසයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට රජය යෝජනා කොට ඇති අතර, ඒ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන දෙසීයක් පමණක් වෙන්කර තිබීම ප්‍රායෝගික නොවන බව ද ඔහු ප්‍රකාශ කරයි.
කොළඹ ජාතික රෝහලට අමතරව මහනුවර, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, මඩකලපුව, අනුරාධපුර ඇතුළු දිවයිනේ හදවත් සැත්කම් සිදු කරන රෝහල් රැසක හදවත් සැත්කම් පෝලිමේ තවත් දහස් ගණනක් රෝගීන් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart