
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය ආයතන 430ක් හඳුනාගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය වාර්තා අනාවරණය කරයි. මේ අතර පාඩු ලබන මෙන්ම ලාභ ලබන රාජ්‍ය ආයතනද වේ.
යෝජිත ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන යටතේ, මින් ඇතැම් ආයතන විකුණාදැමීමට යෝජිත අතර, අනෙක් ඒවා වසා දැමීම, ඒකාබද්ධ කිරීම හෝ ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලැබේ. එහිදී ඇතැම් ආයතනවල කළමනාකාරීත්වය වැඩිදියුණු කෙරෙනු ඇත.
මෙම ක්‍රියාවලිය මාස දෙකකින් පමණ ආරම්භ වී වසර අවසන් වන විට අවසන් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශ වාර්තා අනාවරණය කරයි.
මෙලෙස හඳුනාගෙන ඇති ආයතන 430 අතර, සංස්ථා 39 කින්, සමාගම් 218 කින් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල 173ක් වේ. රාජ්‍ය සමාගම් අතරට ප්‍රාදේශීය වැවිලි සමාගම් 21ක් ඇතුළත්ව තිබේ.
මෙම ආයතන අතර පසුගිය වසරේ රුපියල් බිලියන ගණනින් පාඩු ලැබූ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් 20ක් ද වේ.
පසුගිය වසරේ ප්‍රධාන රාජ්‍ය ආයතන ලබා ඇති පාඩු මෙසේය: ලංකා ඛනිජ තෙල් සංස්ථාව (රු. බිලියන 615), ලංකා විදුලිබල මණ්ඩලය (රු. බිලියන 272), ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් (රු. බිලියන 163), සීමාසහිත සිලෝන් ෂිපින් කෝපරේෂන් ලිමිටඩ් (රු. බිලියන 04), ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (රු. බිලියන 03), සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (රු. බිලියන 01).
අනෙකුත් පාඩු ලබන ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් වන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, හෝටල් සංවර්ධක ලංකා පීඑල්සී, ලංකා සතොස ලිමිටඩ්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, මයික්‍රෝ (පෞද්ගලික) සමාගම, රාජ්‍ය මුද්‍රණ සංස්ථාව, ස්වාධින රුපවාහිනී සේවය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරිය සහ ලංකා ලේලන්ඩ් ය.
(sundaytimes)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart