
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
WhatsApp විසින් සිය පරිශීලකයන්ට නව විශේෂාංග 04ක් හඳුන්වාදී ඇත.
පණිවිඩ සංස්කරණය කිරීමට, HD පින්තූර යැවීමට ඇතුළු පහසුකම් මෙමගින් ලබාදී තිබේ.
මෙම සියලු විශේෂාංග දැන් ඇපල් (iOS) සහ Android දුරකථන සඳහා WhatsApp වෙතින් ලබාගත හැකිය.
ඒ අනුව පහත විශේෂාංග WhatsApp හඳුන්වාදී තිබේ;
01. ඔබ දැනටමත් යවා ඇති පණිවිඩයක් සංස්කරණය කිරීමට(edit a message) WhatsApp දැන් ඔබට ඉඩ සලසයි. මෙයට කෙටි පණිවිඩයක් මෙන්ම ඡායාරූප සහ වීඩියෝ ඇතුළත් වේ. පණිවිඩයක් යැවීමෙන් පසු ඔබට එය සංස්කරණය කිරීමට මිනිත්තු 15 ක කාලයක් ලැබේ.
02. මෙම සතිය මුලදී, Meta සමාගම නිවේදනය කළේ, ඔබට දැන් නමක් ඇතුළත් නොකර කණ්ඩායම්(groups) නිර්මාණය කළ හැකි බවයි. හදිසි අවශ්‍යතාවන් වෙනුවෙන් සකස් කරගත හැකි මෙවැනි නම් නොකළ කණ්ඩායමකට 06දෙනකු ඇතුළත් කරගත හැකිය.
03. ඔබට දැන් WhatsApp වීඩියෝ ඇමතුම් මත ඔබේ තිරය බෙදා ගත හැක(Use WhatsApp as Zoom with share screen).
04. WhatsApp මෑතකදී Android සහ iOS මගින් HD ඡායාරූප යැවීමේ හැකියාව එළිදක්වන ලදී. පසුගිය සතියේ, සමාගම විසින් HD වීඩියෝ යැවීමට ඉඩ දෙන විශේෂාංගයක් ද එළිදක්වන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart