
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ජනවාරි සිට ජූනි දක්වා වසෙර් පළමු භාගය තුළ දී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1,317.05 ක් බව ශ්රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.
එම අගය 2022 වසරේ පළමු භාගය තුළ දී වාර්තා වූයේ රුපියල් බිලියන 919.47 ක් ලෙසිනි.
මෙහිදී 2023 මුල් මාස 06 තුළ දී රජයේ බදු ආදායම රුපියල් බිලියන 798.80 සිට රුපියල් බිලියන 1,198.85 ක් දක්වා වැඩි වී ඇති අතර, බදු නොවන ආදායම රුපියල් බිලියන 119.70 සිට රුපියල් බිලියන 116.03 ක් දක්වා සුළු වශයෙන් පහත බැස ඇත.
එසේම රුපියල් බිලියන 2.17 ක ප්රදාන ප්රමාණයක් ද 2023 මුල් මාස 06 තුළ ලැබී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart