
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වී ඇති තවත් පෙත්සම් 30ක පිටපත් තමන් වෙත ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
ඒ පිළිබඳ නිවේදනය කරමින් කතානායකවරයා සඳහන් කළේ මෙම පෙත්සම් තමන් විසින් ඔක්තෝබර් 4 සහ 6 දිනවල නිවේදනය කරන ලද පෙත්සම් හතරට අමතර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වී ඇති පෙත්සම් බවය.
ඒ අනුව මේ වන විට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් තිස්හතරක පිටපත් කතානායකවරයා වෙත ලැබී තිබේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පළමු පෙත්සම ගොනු කරනු ලැබුවේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසිනි.
ඊට අමතර සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය, සමාජ සාධාරණත්ව පක්ෂය වැනි දේශපාලන පක්ෂ සහ මාධ්‍ය නීති සංසදය වැනි සිවිල් සංවිධානද මෙම පෙත්සමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබේ.
ඇති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ද මෙම පෙත්සම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට ඊයේ කටයුතු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart