September 29, 2026

මෙරට මහජන සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම වෙනුවෙන් ලබා දෙන සහයෝගය තවදුරටත් තහවුරු කරමින්, ඉන්දීය රජය විසින් ක්ෂය රෝග නාශක ඖෂධ ටොන් තුනකට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබේ.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් C130J විශේෂ ප්‍රවාහන ගුවන් යානයකින් මෙම ඖෂධ තොගය දිවයිනට රැගෙන ආ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පැවසුවේය.

මේ පිළිබඳව X ගිණුම ඔස්සේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, “ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ඉන්දියාව සැමවිටම බැඳී සිටිනවා. ඒ අනුව ක්ෂය රෝග නාශක ඖෂධ ටොන් 3ක් රැගත් ඉන්දීය ගුවන් හමුදා යානය දින කොළඹට පැමිණියා,” යනුවෙනි.

මේ අතර, ඉන්දීය රජයේ පූර්ණ මූල්‍ය අනුග්‍රහය ඇතිව මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන නව දෙමහල් හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ මුල්ගල තැබීම ද සැප්තැම්බර් 16 වනදා සිදු කෙරුණු අතර, එමගින් ද දෙරට අතර පවතින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් පිළිඹිබු වේ.