
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගුම්මිඩිපූන්ඩි හි පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරේ තරුණයන් තිදෙනකු පසුගිය ඉරිදා(21) රාත්‍රියේ ඔවුන් ගමන් කළ යතුරුපැදිය ට්‍රක් රථයක ගැටීමෙන් මියගොස් තිබේ.
එලෙස මිය ගොස් ඇත්තේ දයාලන් (19), චාල්ස් (21) සහ ජෝන් 20 යන අයයි.
පොලිසිය පැවසුවේ මේ තිදෙනා තිරුවල්ලූර් ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානවල පින්තාරුකරන්නන් ලෙස සේවය කරන බවයි.
ඉරිදා ඔවුන් ආපසු ගෙදර යමින් සිටි අතර චාල්ස් නැමැත්තා යතුරුපැදිය පදවා ඇත.
රාත්‍රී 09 ට පමණ ඔවුන් ගුම්මිඩිපූන්ඩිහි පෙතිකුප්පම් ගම්මානය අසලදී ඔවුන්ගෙන් අයෙක් ගමන් කරන අතරතුර වීඩියෝවක් පටිගත කිරීමට පටන් ගෙන තිබේ.
එහිදී චාල්ස්ට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ලොරි රථයක ගැටුණු බව පොලිසිය පවසයි.
සිදුවීම පොලිසියට දන්වා ඔවුන්ව වහාම රෝහලට ගෙනගොස් ඇති නමුත් එහිදී ඔවුන් මියගොස් ඇති බව වාර්තාවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart