
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාරම්මල-කුරුණෑගල ප්රධාන මාර්ගයේ නාරම්මල නගරය අසලදී ලොරියක් සහ බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.
අද (05) අලුයම මෙම අනතුර සිදුව තිබේ.
කුරුණෑගල සිට නාරම්මල දෙසට ගමන් කළ ලොරි රථයේ රියදුරුට වාහනය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ දකුණු පසින් ඉවතට පැන, කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ගමන් කළ ශ්රී ලංගම බස් රථයක ගැටීමෙන් අනතුර සිදුවිය.
ලොරි රථයේ රියදුරු, තවත් පිරිමි පුද්ගලයකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු තුවාල ලබා නාරම්මල සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කරන තිබිණි.
රියදුරු, මගියා සහ එක් කාන්තාවක් තුවාල හේතුවෙන් මිය ගොස් ඇත.
මියගිය අය වයස අවුරුදු 41, 80 සහ 82 යන වයස්වල පසුවන බවත් ඔවුන් පොළොන්නරුවේ පදිංචිකරුවන් බවත් පොලිසිය පැවසීය.
මළ සිරුරු නාරම්මල සහ කුරුණෑගල රෝහල්වල මෘත ශරීරාගාරවල තබා ඇත.
ලොරි රථයේ ගමන් කළ වයස අවුරුදු 40ක් පමණ වන කාන්තාවක් සහ වයස අවුරුදු 16 සහ 9ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙක් කුරුණෑගල රෝහලේ ප්රතිකාර ලබමින් සිටිති.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart