
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස සූක්ෂමව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 292ක් රාමනාථපුරම් තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් සිකුරාදා අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
උච්චිප්පුලි අසල පුදුමඩම් බස් නැවතුම්පොළ ආසන්නයේදී මුහුදු තීරය දෙසට ධාවනය වූ ලොරි රථයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි එළවළු ගෝනි අතර සඟවා තිබූ පාර්සල් 146ක අඩංගු කේරළ ගංජා කිලෝග්‍රෑම් 292ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ රථයේ රියදුරු ලෙස කටයුතු කළ තංගරාජ් (25),සේකර් (50) සහ සෙන්තිල්වේලන් (50)යන අයයි.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මොවුන් මදුරෙයි ප්‍රදේශයේ ජාවාරම්කරුවන් පිරිසකගෙන් මෙම ගංජා තොගය ලබාගෙන, අනතුරුව පරවෙයි වෙළඳපොළෙන් එළවළු ගෝනිවල සඟවා රැගෙනවිත් ඇති බවයි.
සෙන්තිල්වේලන් නමැති සැකකරුගේ මෙහෙයවීමෙන් පුදුමඩම් වෙරළ තීරයේ සිට මුහුදු මාර්ගයෙන් මෙම ගංජා තොගය ශ්‍රී ලංකාවට යැවීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාමනාථපුරම් මත්ද්‍රව්‍ය විරෝධී බුද්ධි ඒකකය වෙත භාරදීමට පොලිසිය පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart