
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අත්‍යවශ්‍ය ඖෂධ හිඟය හමුවේ සෞඛ්‍ය අර්බුදයක් පිළිබඳ අනතුරු ඇඟවීම් නොතකා 2022 වසරේදී ඉන්දියාව කේන්ද්‍ර කරගත් සමාගමකින් අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 10ක් ආනයනය කිරීමට ආසන්න වශයෙන් රුපියල් මිලියන 280ක් වැයකර ඇතැයි හෙළිවී තිබේ.
2022 සහ 2023 වසරවල ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පසුගිය සතියේ නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළි වන්නේ මාස තුනකට අඩු කාලයක් සඳහා තොග ඇති ඖෂධ වර්ග 325ක් පිළිබඳ ඖෂධ ලැයිස්තු දෙකක් (ජීවිතාරක්ෂක සහ අත්‍යවශ්‍ය) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණද, මෙම හදිසි ප්‍රසම්පාදන කාලය තුළ මෙම ඉන්දීය සමාගමෙන් ආනයනය කරන ලද ඖෂධ 10 අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට ඇතුළත් කර නොතිබුණු බවයි.
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ද යොමුකර තිබේ.
විගණන වාර්තාවට අනුව, සීමාසහිත Savorite Pharmaceuticals සමාගම 2022 ඔක්තෝබර් මාසයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව යෝජනා කර ඇත්තේ රජයට අවශ්‍ය ඖෂධ 38ක් මිලදී ගැනීමට හැකියාව ඇති බවයි.
ඉන් අනතුරුව, Savorite සහ අනෙකුත් තෝරාගත් සැපයුම්කරුවන් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමටත්, ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් අරමුදල් සහ වෙනත් අරමුදල් යොදා ගනිමින් ගෙවීම් සිදු කිරීමටත් කැබිනට් අනුමැතිය ඉල්ලා තිබිණි.
“2022 ඔක්තෝබර් 21 වැනි දින [Savorite] සමාගම විසින් සෞඛ්‍ය ඇමැතිවරයා වෙත ලිපියක් යොමු කළ දින සිට දින හතරකට පසු සෞඛ්‍ය ඇමැතිවරයා විසින් වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) දැනට පවතින තොග අවදානම් මට්ටමේ පවතින බව දැනුම් දී ඇත. ඖෂධ වර්ග 151ක් ශුන්‍ය මට්ටමේ තිබූ අතර, ඉදිරි මාස තුන තුළ ශල්‍යකර්මවල ක්‍රියාකාරිත්වය මුළුමනින්ම අක්‍රිය වීමට ඉඩ තිබී ඇති අතර , Savorite ශ්‍රී ලංකාවට වෛද්‍ය සැපයුම් ලබා දීමට එකඟ වී තිබේ”යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් Savorite වෙත ඩොලර් 4,490,377.5ක (ඖෂධ 38 ක් සඳහා) ඇණවුම් ප්‍රදානය කිරීමට ලිපියක් නිකුත් කර ඇත.
“මෙම සමාගමෙන් ඇණවුම් කළ ඖෂධ වර්ග 38 න් 10ක් අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට ඇතුළත් කර නොතිබූ ඖෂධ බව නිරීක්ෂණය වූ අතර ඒ සඳහා දැරීමට අපේක්ෂිත මුදල දළ වශයෙන් රු. මිලියන 280ක්” යැයි වාර්තාවේ සඳහන් වේ.
සෞඛ්‍ය අංශ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට පෙර එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම ලිපිය Savorite වෙත යවා ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසන්නේ විගණන වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලැබෙනු ඇති බවත් ඒ අනුව අමාත්‍යාංශය විගණන විමසුමට ප්‍රතිචාර දක්වන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart