
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 21ක් සම්පූර්ණ වේ.
සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය මහජනතාව සිහිපත් කරමින් අද (26) පෙරවරු පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා රට පුරාම විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීම සිදු කෙරේ. ඉන් මියගිය සහ අතුරුදන් වූවන් සමරන “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අබියසදී අද පෙරවරුවේ පැවැත්වේ.
එමෙන්ම මෙවර “ජාතික සුරක්ෂිත” දින වැඩසටහන වෙනුවෙන් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ පවතින සමාජීය සහ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. මේ ව්‍යසනයෙන් 5,000කට අධික පිරිසක් අතුරුදන් වූ අතර බිලියන ගණනක් වටිනා දේපළ ද විනාශ විය.
ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් ඇති වන ආකාරයේ භූමිකම්පාවක් සිදු වී ඇතැයි යම් තොරතුරක් ඔබ වෙත ලැබුණහොත් එය සනාථ කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් විමසා තහවුරු කරගත හැකිය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 පැය විසි හතර පුරා ජනතාවගේ විමසීම් සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කරයි.
එමෙන්ම සුනාමියේදී විපතට පත් වූ අංක 3050 දරන එන්ජිම සහිත දුම්රියකින් දුම්රිය සාමාන්‍යාධිකරිවරයා ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමක් අද (26) දිනයේ පෙරවරු 9 ට පැරෑලිය දුම්රිය ස්ථානයට පැමිණ ස්මාරකයට පූජෝපහාර දැක්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart