
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 අ.පො.ස උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට අදාළ අයදුම්පත් කැඳවීම ජුනි මස 26 දින සිට 2025 ජූලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්රමය මගින් සිදු කරන බවයි.
රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තම පාසල්වල විදුහල්පතිවරුන් හරහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින්ම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෞද්ගලික අයදුම්කරුවන් විභාගය සඳහා අයදුම් කිරීමේදී තම ජාතික හැඳුනුම්පත් (NIC) අංකය භාවිත කළ යුතු බවයි.
තවද, ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත ගොස් අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස අයදුම්කරුවන්ට උපදෙස් දෙනු ලැබේ.
වැඩිදුර විමසීම් සඳහා පහත සඳහන් දුරකථන අංක හෝ විද්යුත් තැපෑල මගින් විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වන ලෙස අයදුම්කරුවන්ට උපදෙස් දෙනු ලැබේ.
දුරකථන: 011-2784208, 011-2784537, 011-2785922
ක්ෂණික ඇමතුම් අංකය: 1911
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart