
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා ජාතික කණ්ඩායම සිය 2024 අන්තර්ජාතික ක්රිකට් දින දර්ශනය ජනවාරි මාසයේදී සිම්බාබ්වේට එරෙහිව දේශීය තරඟාවලියක් සමඟින් ආරම්භ කරනු ඇති අතර එය එක්දින තරඟ තුනකින් සහ T20 තරඟ තුනකින් සමන්විත වේ.
ඉන් අනතුරුව ජනවාරි-පෙබරවාරි කාලසීමාව තුළ ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක් ටෙස්ට් තරඟයක්, එක්දින තරඟ තුනක් සහ T20 තරඟ තුනකින් සමන්විත තරඟාවලියක් පැවැත්වීමට නියමිතය.
ඉන්පසුව, ශ්රී ලංකා ජාතික කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන 2024 ICC පිරිමි T20 ලෝක කුසලානයට යෑමට පෙර එක්දින,ටෙස්ට් සහ T20 තරග ඇතුලත් සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත් වේ.
අනතුරුව ඉන්දියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ද 2024 තුළ සංචාර සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂා කෙරේ.
ශ්රී ලංකා ජාතික කණ්ඩායම වසර මැද භාගයේදී එංගලන්තයේදී තරඟ තුනක ටෙස්ට් තරඟාවලියකට එංගලන්තයේ සංචාරය කරන අතර 2024 වාරය දකුණු අප්රිකාව සහ නවසීලන්ත සංචාර වලින් අවසන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart