
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල ක්‍රියාකාරකම් සහ රටේ ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝල වහාම නිකුත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසිදෙනෙකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීපය’ පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශයට දැනටමත් යොමුකර ඇති බවයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට පිස්තෝල ලබාදීමට රජය තීරණය කර නැතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට මීට පෙර පිස්තෝල ලබාදුන් නමුත් නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එය නතර කෙරිණ.
එසේ නතර කර ආරක්ෂා තර්ජන සම්බන්ධ විශ්ලේෂණයකින් තහවුරුවන මන්ත්‍රීවරුන්ට පමණක් පිස්තෝලය ලබාදීමට රජය තීරණය කළේය.
ඒ අනුව එම පිස්තෝලය හිමිවන්නේ දැනට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට පමණි.
මේ අතර තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.
මේ අනුව කතානායකවරයා සහ එම මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව පෙරේදා පැවැත්විණ.
තමාට ජීවිත තර්ජනයක් ඇති බව පොලිස්පතිවරයාගේ වාර්තාවක සඳහන් වන්නේ යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානද කතානායකවරයාට පසුගියදා දැනුම්දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart