
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රේගු ආඥාපනත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවෙන් නීතිවිරෝධී ලෙස විදේශ විනිමය පිටරටට යැවීමේ මහාපරිමාණ ජාවාරමකට ප්රමුඛ පෙළේ සමාගම් 21ක ඇති සබඳතාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගමට දැනුම් දුන්නේය.
ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය කරන බව පවසමින් රුපියල් බිලියන 190 කට අධික විදේශ විනිමය ප්‍රමාණයක් විදේශයන් වෙත යැවීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු ඉදිරිපත් කළේය.
මෙම අක්රමිකතාවට සම්බන්ධ සමාගම් හයක් මේ වන විට හඳුනාගෙන ඇති අතර, අනෙකුත් සමාගම්වල සබඳතාවයන් හඳුනාගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බව CIDය අධිකරණයට ප්‍රකාශ කළේය.
වංචනික ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 700 කට අධික මුදලක් විදේශයන් වෙත යැවීමේ සිද්ධියට සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජෙෆ්රි මොහොමඩ් නමැති සැකකරු මෙම ජාවාරමේ පහසුකම් සපයන්නකු ලෙස කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම්දුන්නේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, මෙම ජාවාරමට සම්බන්ධ සමාගම්වල නම් හෙළිකිරීමට ඔහු කටයුතු කර නොමැති බවත්, විමර්ශන සඳහා සහාය ලබා දී නොමැති බවත් පවසමින් ඔහුට ඇප ලබාදීමට CID ය දැඩි ලෙස තදින් විරුද්ධ විය.
වැඩිදුරටත් කරුණු දක්වමින් CID හි මූල්‍ය විමර්ශන කොට්ඨාසය මෙසේ පැවසීය:
“භාණ්ඩ ආනයනය කරන බවට ව්‍යාජ ලෙස පවසමින් විදේශ විනිමය පිටරටට යැවීමෙන් මෙම වංචාව සිදුකර තිබෙනවා. සමාගම් 36ක බැංකු ගිණුම් පරීක්ෂා කිරීමෙන් පසුව මෙම ජාවාරම අනාවරණය වුණා. අවස්ථා 10,156 කදී මුදල් විදේශයන් වෙත යවා ඇති නමුත්, එම මුදල් භාවිතයෙන් භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් රේගුව සතුව කිසිදු වාර්තාවක් නැහැ. රජයේ බදු පැහැරහැරීම සඳහා ආනයනික භාණ්ඩවල වටිනාකම අඩුකර පෙන්වීමක් සිදුව ඇත්ද යන්න පිළිබඳවද විමර්ශන පැවැත්වෙනවා”
කොළඹ කොටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ‘A.Y. Investment’ නමැති ආයතනයක අධ්යක්ෂවරයකු ලෙස පෙනීසිටිමින් සැකකරු සංවිධානාත්මක ලෙස මෙම ජාවාරම මෙහෙයවා ඇති බව CID ය අධිකරණයට පැවසීය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් මිලියන ගණනක් වටිනා ඇමරිකානු ඩොලර් නෝට්ටු තොගයක් ඔහු සතුව තිබී සොයාගත් බව විමර්ශකයෝ වැඩිදුරටත් අධිකරණයට දැනුම්දුන්හ.
නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා මිලදී ගත් බව කියන රුපියල් මිලියන 200 කට වඩා වටිනා සුඛෝපභෝගී රථයක් සහ රත්තරන් තොගයක් ද භාරයට ගෙන ඇත.
නීතිවිරෝධී ලෙස ඩොලර් විදේශයන් වෙත යැවීමට සහ බදු පැහැර හැරීමට මෙම සැකකරුගේ සේවය ලබාගත් මහාපරිමාණ ව්‍යාපාරිකයන් රැසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුහයිර් සහ නීතිඥ අසංක පෙරේරා කියාසිටියේ නීත්‍යානුකූල පටිපාටියට අනුව භාණ්ඩ ආනයනය කර ඇති බැවින් සැකකරු සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසයි.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරු විමර්ශන සඳහා සහාය දක්වා නොමැති බව නිරීක්ෂණය කළේය.
සාක්ෂි සැඟවීමට සහ අධිකරණ ක්‍රියාමාර්ග මගහැරීමට දරන උත්සාහයන් සලකා බැලීමේදී, මෙවැනි මහාපරිමාණ විමර්ශනයකදී සැකකරුගෙන් ඉදිරියටත් සහයෝගයක් බලාපොරොත්තු විය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා පෙන්වාදුන්නේය.
ඊට අනුකූලව, ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරු අගෝස්තු 6 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart