
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්පිටිය ආලන්කුඩා සහ බන්ගලාවත්ත වෙරළ ප්රදේශය ආශ්රිතව 2026 මාර්තු මස 10 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස රැගෙන ආ වියළි කජු කිලෝග්රෑම් එක්දහස් අටසිය හතලිහක (1840) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථ දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය ආලන්කුඩා සහ බන්ගලාවත්ත ප්රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ලොරි රථ දෙකක් (02) පරීක්ෂාවට ලක්කර තිබේ.
එහිදී, එම ලොරි රථ දෙකෙහි (02) තිබී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන පාර්සල් හතලිස් හයක (46) අසුරන ලද වියළි කජු කිලෝග්රෑම් එක්දහස් අටසිය හතලිහක (1840) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ලොරි රථ දෙක (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් වන නොරෙච්චෝලේ සහ ආලංකුඩා යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, වියළි කජු තොගය සහ ලොරි රථ දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart