
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්ථාන දෙකකදී නඩු දෙකකින් පුද්ගලයන් 13 දෙනකුට අද මරණ දඬුවම නියම කෙරිණි.
මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි බරපතළ අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණය මරණ දඬුවම ලබා දුන්නද, 1976 සිට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර නොමැත.
හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඩුවම නියම කළේය.
2019 වසරේ රත්මලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 152කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට විත්තිකරුවන් වරදකරුවන් බව විනිසුරු නාමල් බැල්ලලේ තීන්දු කළේය.
විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව විනිසුරු බැල්ලලේ සිය තීන්දුවේදී ප්‍රකාශ කළේය.
විත්තිකරුවන් තමන් කළ අපරාධය සම්බන්ධයෙන් කිසිදු පසුතැවිල්ලක් නොදැක්වූ බවත්, එවැනි ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් අනෙක් අය වැළැක්වීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතු බවත් ඔහු සඳහන් කළේය.
මීට වසර 20 කට පෙර වාර්තා වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අද තවත් පුද්ගලයන් 08 දෙනකුටද කළුතර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කෙරිණි.
2003 වසරේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වීමෙන් අනතුරුව සැකකරුවන්ට දඬුවම් නියම කෙරිණි.
2003 වසරේ මාර්තු මාසයේදී සැකකරුවන් විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ කළුතර දකුණ කලීල් පෙදෙසේ පදිංචිව සිටි අයෙකි.
සැකකරුවන්ට එරෙහිව කළුතර මහාධිකරණයේදී නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකරනු ලැබීය.
ජනමාධ්‍ය වාර්තාවලට අනුව සැකකරුවන් අවුරුදු 43 ත් 59 ත් අතර වයස්වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
වසර 20ක නඩු විභාගයකින් අනතුරුව කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මෙම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart