
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්තයේ වසර 129ක් වන ක්‍රිකට් ඉතිහාසය තුළ පළමු සභාපතිනිය ලෙස ඩයනා ලින්ඩන් නම්කර තිබේ.
1894 දී ඇරඹුණු නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසන් සභාපතිවරයා වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාටින් ස්නෙඩන් වෙනුවට ඇය පත්කරනු ලැබඇති බව ප්‍රකාශයක් නිකුත් කරමින් නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියේය.
ඩයනා ලින්ඩන්ට පරිපාලනමය අත්දැකීම් සම්භාරයක් ඇති අතර ඇය නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට පළමුව සම්බන්ධ වී ඇත්තේ 2017දීය.
ඇය නවසීලන්ත ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිනියද වන අතර මීට පෙර අමෙරිකාවේ රුවල් ඔරු පැදීමේ සංවිධාන දෙකක ප්‍රධාන මූල්‍ය නිලධාරිනියද වූවාය.
නවසීලන්ත ක්‍රිකට් හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු වන ස්නෙඩන්, අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂවරයකු ලෙස වාර තුනක් සේවයකර ඇති අතර, සභාපති ධුරයෙන් ඉවත් වීම “සරලව කළයුතු නිවැරදිම දෙය” බවද පැවසීය.
ඔහු එය හැඳින්වූයේ “නායකත්ව ප්රබෝධයක් ඇතිකිරීම සඳහා කදිම අවස්ථාවක්” ලෙසිනි.
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ රන් පදක්කම්ලාභීනියක සහ දෙවරක් ලෝක පාපැදි ශූරියක වූ ඇලිසන් ෂෑන්ක්ස්ද ක්‍රිකට් පාලක මණ්ඩලයට එක්වී ඇත.
මේ අතර නවසීලන්ත ක්‍රිකට් පසුගිය මූල්‍ය වර්ෂය අවසානයේ නවසීලන්ත ඩොලර් මිලියන 10.7 (US$ මිලියන 6.3) අතිරික්තයක් වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart