
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසකින් මීට දින හතරකට පමණ ඉහතදී අතුරුදන් වී ඇති බව කියන 12 හැවිරිදි සිසුවා කතරගම අක්කර 20, ඩෝසර්වැව ගෞතම සදහම් අරණ නැමැති විහාරස්ථානයක මහණවී සිටියදී සොයාගත් බව කතරගම පොලිසිය කියයි.
මෙම දරුවගේ මව මීට මාස කීපයකට ඉහතදී විදේශගත වී ඇත.
ආච්චි අම්මා සහ පියා භාරයේ නිවසේ පසුවන ඔහු නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියදී ආච්චි අම්මා සමඟ උරණ වී නිවසින් පිටවගොස් තිබිණි.
මෙම දරුවා කොළඹට පැමිණීමෙන් අනතුරුව හිමිනමකට හමුවී දරුවාගේ කැමැත්ත පරිදි කතරගම මෙම විහාරස්ථානයේ විහාරාධිපති මහියංගණයේ ධම්ම මෛත්‍රී හිමියන්ට භාරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.
ඔහු මහණ වීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉකුත් 20 දා මදුරන් කුලියේ සුබෝධිනමින් මහණ කළ බව එම විහාරවාසී ගලෙන්බිඳුණු වැව අනුරුද්ධ මෛත්‍රී හිමියෝ පැවසූහ.
විහාරස්ථානයට ගොස් මහණ වී සිටින මදුරන්කුලියේ සුබෝධි නැමැති පොඩි හාමුදුරුවන්ගෙන් කතාබහ කිරීමට ද අවස්ථාව අපට ලැබිණ. “ආච්චි අම්මා, තාත්තා පොඩි හාමුදුරුවන් කැඳවාගෙන යාමට පැමිණෙන බවත්, එසේ පැමිණි පසු ගෙදර යනවා දැයි විමසූ විට කියා සිටියේ “මා යන්නේ නෑ, මගේ ආසාව තමයි මහණ වීම” යැයි කියා සිටියේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart