
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 1980 සිට 1990 දක්වා කාලයේ සිටියදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට ගිනි අවි 104ක් ලබා දී ඇති අතර, ඇය තවමත් එම අවි ආපසු භාර දී නොමැති බව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අනාවරණය වී ඇත.
එම දශකයක කාලය තුළ දේශපාලඥයන් 154 දෙනෙක්ට ගිනි අවි 698ක් පමණ නිකුත් කර ඇති නමුත්, මෙතෙක් ඒවා භාරදී නොමැති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවට ලේඛනයක් ඉදිරිපත් කරමින් අනාවරණ කර තිබේ.
එම ලේඛනයට අනුව, එම දශකය තුළ වැඩිම ආයුධ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට වන අතර, එම සියලු අවි ආයුධ ලබාගෙන ඇත්තේ ඇය විසිනි 1988 වසරේදීය.
අර්ධ ස්වයංක්‍රීය මිලිමීටර් 09 පිස්තෝල 41 ක්, රිවෝල්වරයක් සහ බෝර 12 වෙඩි බෙහෙත් 656ක් මේ දක්වා ආපසු ලබා දී නොමැති බව ද එහි සඳහන් වී තිබේ.
එමෙන්ම ගිනි අවි නිකුත් කර ඇති නමුත් ආපසු භාර නොදුන් දේශපාලනඥයන් සැළකි යුතු පිරිසක් මේ වන විට මියගොස් ඇත.
බෝර 12 තුවක ආපසු ලබාදීමට අපොහොසත් වූ ප්රමුඛ දේශපාලනඥයන් අතරට එච්.එස්.ඒ. කරුණාරත්න (පරිපාලන ලේකම් – ලංකා සමසමාජ පක්ෂය -16), ඇලික් අලුවිහාරේ (05), පීටර් කෙනමන් (01), පී. දයාරත්න (05), ටියුඩර් ජයරත්න (05), ටිරෝන් ප්‍රනාන්දු (05), නන්ද මැතිව් (05), ගාමිණී අතුකෝරල (05) යන අය ඇතුළත් වේ.
රජය මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජය තීරණයක් ගන්නා තුරු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ රාජ්‍ය බුද්ධි සේවයට උපදෙස් ලබාදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart