June 8, 2023

ලංකා සතොස හෙට (09) සිට භාණ්ඩ වර්ග 10 ක මිල අඩු කර තිබේ.

ඒ අනුව මුංඇට කිලෝ ග්‍රෑමයක් රු:325 කින් අඩු කෙරෙන අතර නව මිල රු:1225කි.

වියලි මිරිස් රු:60 කින් අඩු කරන බවද සතොස ප්‍රකාශ කරයි. එහි නව මිල රු:1290 ක් වන අතර රතු පරිප්පු රු:15 කින් අඩු කර හෙට සිට රු:299 කට අලෙවි කෙරේ.

හාල්මැස්සන් රු:10 කින් අඩු වන අතර නව මිල රු:1140ක්.

එසේම හෙට සිට රතු නාඩු රු:15 කින් අඩුකර රු:200 කට ද, තිරිඟු පිටි රු:200 කටද අලෙවි කරනු ඇත.

සෝයාමීට් තොග රු:650ක්, රතු කැකුළු රු:139ක්, කඩල රු:540ක් සහ සුදු සීනි රු:225 ක් ලෙස අලෙවි කරන බවද සතොස වැඩිදුරටත් පවසයි.