
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ප්රමුඛ පෙළේ පිරිමි පාසල් දෙකක් අතර ඊයේ පස්වරුවේ පැවැති පාපන්දු තරඟයක් අතරතුර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
බොරැල්ල වෙස්ලි විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර ඊයේ පස්වරුවේ වැල්ලවත්ත කුරේ පිටියේ පැවැති පාපන්දු තරඟයකදී මෙම ගැටුම හටගෙන තිබේ.
වාර්තා වන අන්දමට පාපන්දු තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් පිරිසක් සහ සිසුන් පිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.
ගැටුමින් සිසුන් 40ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා සඳහන් කරයි.
වාර්තා සඳහන් කරන්නේ සහිරා විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස පහරකෑමට ලක්ව ඇති බවයි.
තුවාල ලැබූවන් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා වැල්ලවත්ත සහ කිරුළපන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart