
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 12 වන දින, සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 2223ක තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
මුහුදු මාර්ගය හරහා සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
වයඹ නාවික විධානයට අයත් “ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි” ආයතනය විසින් 2023 සැප්තැම්බර් මස 12 වන දින රාත්‍රී කාලයේ පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක දී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන පාර්සල් 70ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 2223යි ග්‍රෑම් 100ක පමණ තොගයක් මෙලෙස සිය භාරයට ගෙන ඇත.
මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන යතුරු පැදියක් ද එහි දී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බව සදහන් වේ.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදාව භාරයට ගත් යතුරු පැදිය නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, බීඩි කොළ තොගයට ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇති බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart