
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දශක ගණනාවකට පසු බලපා ඇති දරුණුතම නියඟය හමුවේ කුසගින්නෙන් පෙළෙන රටවැසියන් පෝෂණය කිරීම සඳහා අලි ඇතුන් 200ක් ඝාතනය කිරීමට සිම්බාබ්වේ බලධාරීන් අනුමැතිය ලබා දී ඇත.
සිම්බාබ්වේ උද්‍යාන සහ වනජීවී අධිකාරියේ ප්‍රකාශක ටිනාශේ ෆරාවෝ CNN පුවත් සේවය වෙත පවසා ඇත්තේ රටේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් උග්‍ර කුසගින්නෙන් පෙළෙන අවදානමකට මුහුණ දී සිටින බවයි.
“ඒ හේතුවෙන් අපි අලි ඇතුන් 200ක් මරා දැමීමට ඉලක්ක කර ගෙන සිටිනවා” යනුවෙන් ඔහු පවසා තිබේ.
දීර්ඝ කාලීනව බලපා ඇති නියඟයක් හේතුවෙන් උග්‍ර වූ ආහාර අනාරක්‍ෂිතතාවට විසඳුම් සෙවීම සඳහා නැමීබියාව ද අලි ඇතුන් සහ අනෙකුත් වන සතුන් ඝාතනය කිරීමට මෑතදී පියවර ගෙන තිබිණි.
අනතුරුව සිම්බාබ්වේ රාජ්‍යය ද මෙම තීරණයට එළඹ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් සහ සංරක්ෂණවාදීන් දැඩි විවේචන එල්ල කර තිබේ.
සිම්බාබ්වේ රාජ්‍යයේ උද්‍යාන සහ වනජීවී අධිකාරියේ ප්‍රකාශක ටිනාශේ ෆරාවෝට අනුව එරට අලි ගහනය 84,000 ඉක්මවන අතර, එහි ඇස්තමේන්තුගත ධාරිතාව වන 45,000ට වඩා ආසන්න වශයෙන් දෙගුණයකි.
එය බොට්ස්වානාට පසුව ගෝලීය වශයෙන් දෙවැනි විශාලතම අලි ගහනයක් වාර්තා වන රටයි.
පසුගිය සතියේදී සිම්බාබ්වේ හි පරිසර ඇමැති සිතෙම්බිසෝ නොයෝනි පාර්ලිමේන්තුවට දන්වා සිටියේ එරට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා වඩා අලි ඇතුන් සිටින බවයි.
එය වනාන්තරවලට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් බවත් ඇය එහිදී පැවසුවාය.
අධික අලි ගහනය සම්පත් හිඟයකට තුඩු දෙන බවත්, මිනිස්-වනජීවී ගැටුම තීව්‍ර කරන බවත් ඇය එහිදී පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart