
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලියේ දෙවැනි තරගය අනපේක්ෂිත ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවිය.
ඒ අවසන් පන්දුවාරයේදි සිම්බාබ්වේ කණ්ඩායමට තරගය ජයග්‍රහණය සදහා අවශ්‍යව තිබූ ලකුණු 20 ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වීම හේතුවෙනි.
ඇන්ජලෝ මැතිව්ස් විසින් යොමුකරන ලද එම අවසන් පන්දුවාරයට හයේ පහර තුනක් සහ හතරේ පහරක් එල්ල කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමේ ලුක් ජොන්ග්වේ සහ ක්ලයිව් මඩන්ඩේ සමත් වූයේ කඩුලු 04කින් තරගය ජයගනිමින්ය.
එම පන්දුවාරයේ හතරවැනි පන්දුව ක්‍රියාත්මක වන විට ලකුණු 04ක් අවශ්‍යව සිටි සිම්බාබ්වේ කණ්ඩායම ලබාදුන් පහසු උඩපන්දුවක්ද මහීෂ් තීක්ෂණ අත්හැරීම ද ශ්‍රී ලංකාව තරගය පරාජයටවීමට බලපෑවේය.
ඒ අනුව, ඉතිහාසයේ පළමුවරට පන්දුවාර 20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ්යේදී පැවැති එම දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර, පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස්කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 04 ලකුණු 27ක් තුළ බිදවැටුණු අවස්ථාවේ පිටියට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ චරිත් අසලංක 05 වැනි කඩුල්ල සදහා ලකුණු 118ක සබදතාවක් පැවත්වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කරමිනි.
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66ක් සහ චරිත් අසලංක ලකුණු 69 ක් රැස්කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී ලකුණු 178ක් රැස්කරමින් තරගය ජයගත්තේය.
එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ක්‍රේග් අර්වින් ලකුණු 70ක් රැස්කළේය.
පන්දු යැවීමේඩී දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැගින් ලබාගත්හ.
දෙරට අතර තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා (18) පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart