
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකව සිටි සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රටේ විවිධ ප්‍රදේශවල ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම සම්බන්ධයෙන් පොලිසිය මහජනතාවට අනතුරු අඟවා තිබේ.
ඒ අනුව රුපියල් 5000 මුදල් නෝට්ටු ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් සමඟ එක් සැකකරුවකු හබරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුගෙන් ලද තොරතුරක් මත හබරණ සහ අනුරාධපුර ප්‍රදේශවලදී තවත් සැකකරුවන් දෙදෙනකු ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී තවත් සැකකරුවකු පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේදී තවත් සැකකරුවකු අද අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 138ක් සමඟය.
සැකකරු සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණකයක්, ස්කෑනරයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද පොලීස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 42 ත් අතර වයස්වල පසුවන හබරණ සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලීසිය පවසයි.
හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර දෛනිකව සිදුකරන ගනුදෙනුවලදී භාවිත කරන මුදල් නෝට්ටු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart