
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලයට ගොස් අතරමංව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු බව පැවසෙන පුද්ගලයකුගේ වීඩියෝවක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන අතර, ඒ ඔස්සේ පළවන ඇතැම් වාර්තා නොමග යවනසුළු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රජයේ කෝටා යෝජනා ක්‍රමය යටතේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සේවය කිරීම සඳහා 42 හැවිරිදි මෙම පුද්ගලයා අගෝස්තු මාසයේදී ඊශ්‍රායලයට පැමිණ ඇති බවයි.
ඊශ්‍රායලය වෙත පැමිණීමෙන් අනතුරුව ඔහු අධික ලෙස මත්පැන් පානය කිරීමට පටන්ගෙන අතර ඔහුට පවරා ඇති රැකියාවට වාර්තා කිරීම වෙනුවට විවිධ ස්ථානවල සැරිසරමින් කාලය ගතකර, අතර අවසානයේ තම සේවා ස්ථානය අතහැර ගොස් ඇතැයි අනාවරණ වී ඇති බව ද තානාපතිවරයා පැවසීය.
එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ සිටින කාලයේද අධික ලෙස මත්පැන් පානය කර ඇතැයි අනාවරණ වි ඇති බවත්, මීට පෙර පුනරුත්ථාපනය වී ඇති බවත් පවසන තානාපති නිමල් බණ්ඩාර කියාසිටියේ, ඔහු ශ්‍රී ලංකාවට පිටත්කර එවීම සඳහා උත්සාහ කළ නමුත් පළාගොස් ඇති බවයි.
අදාළ පුද්ගලයා ජෙරුසලම, නෙතන්යා සහ භාතියම් යන ප්‍රදේශවල ගැවසෙමින් සිටියදී බලධාරීන් විසින් සොයාගෙන ඇති බව ප්‍රකාශ කළ තානාපති නිමල් බණ්ඩාර, වැඩිදුරටත් කියසිටියේ, ඔහු අද තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට නියමිත බවත්, පසුව ඊශ්‍රායල ආගමන බලධාරීන් වෙත භාරදීමට නියමිත බවත්ය.
මෙම කාරණය වගකීමෙන් යුතුව කළමනාකරණය කර ඇති අතර, සාවද්‍ය තොරතුරු මත පදනම්ව සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවනසුළු ප්රවෘත්ති දිගින් දිගටම සංසරණය වීම පිළිබඳ කණගාටු වන බව ද තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart