
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උඩවලව ජාතික වනෝද්‍යානය මධ්‍යයේ තිබී සොයාගත් ගංජා වගාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පනහදූව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් සිදුකළ මුර සංචාරයකදී මෙම ගංජා වගාව සොයාගෙන ඇති බවයි.
ගංජා පැළ අඩි තුනක් පමණ උසට වැඩී තිබූ අතර, එම ස්ථානයේ වගා කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව, නීතිවිරෝධී ගිනි අවියක්, පතොරම්, වගාවට වාරි ජලය සැපයීම සඳහා භාවිත කරන ජල පොම්පයක්, පොම්පය බලගැන්වීමට භාවිතා කරන සූර්ය පැනලයක් සහ වෙනත් උපකරණ ද නිලධාරීන් භාරයට ගෙන ඇත.
සැකකරුවන් සහ අතඅඩංගුවට ගත් භාණ්ඩ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුවන් සියලු චෝදනාවලට වරද පිළිගෙන තිබේ.
මහේස්ත්‍රාත්වරයා විසින් එක් පුද්ගලයකුට රුපියල් 500,000 බැගින් ඇප නියම කර ඇති අතර, චෝදනා පත්‍රය ඔක්තෝබර් 02 වැනිදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart