
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමාණවත් මූල්‍ය අනුග්‍රහයක් නොලැබීම සහ ක්‍රීඩා යටිතල පහසුකම්වල පවතින දුර්වලතා හේතුවෙන් කාලයට පෙර තම ක්‍රීඩා ජීවිතය අවසන් කිරීමට සිදු වූ බවත්, තමන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නේ දක්ෂතාවයේ අඩුවක් නිසා නොව දැඩි කලකිරීමෙන් බවත් ශ්‍රී ලංකාවේ වේගවත්ම ක්‍රීඩක යුපුන් අබේකෝන් පවසයි.
2022 වසරේදී තත්පර 9.96ක ජාතික වාර්තාවක් තබමින් මීටර් 100 තරගයක් තත්පර 10ට අඩුවෙන් නිම කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් යුපුන් ඉතිහාසයට එක්විය.
ඔහු 2022 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර 2020 ටෝකියෝ සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමටද සමත් විය.
තමා ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් යුපුන් කියා සිටියේ, අන්තර්ජාතික මට්ටමෙන් තවත් වසර දෙක තුනක් ක්‍රීඩා කිරීමට තමන්ට තවමත් හැකියාව ඇති බවත්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තවත් ඔලිම්පික් උළෙලකට සුදුසුකම් ලැබීමට පවා ඉඩ තිබූ බවත්ය.
“මම සමුගන්නේ දැඩි කලකිරීමෙන්. මට තව අවුරුදු දෙකක්, තුනක් ක්‍රීඩා කරන්න පුළුවන්කම තියෙනවා. මට තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කරලා ඊළඟ ඔලිම්පික් එකට වුණත් සුදුසුකම් ලබන්න තිබුණා. නමුත් සිද්ධ වෙච්ච දේවල් එක්ක මට හිතෙනවා නතර වෙන්න හොඳම වෙලාව මේක කියලා,” යැයි ඔහු පැවසීය.
සහාය ලබාගැනීමට වසර ගණනාවක් තිස්සේ දැරූ උත්සාහය නිසා තමන්ගේ උනන්දුව සහ පෙළඹවීම හීන වී ගිය බව යුපුන් සඳහන් කළේය.
“මම අවුරුද්දක්, අවුරුදු දෙකක්, අවුරුදු තුනක් බලන් හිටියා තත්ත්වය යහපත් වෙයි කියලා. අවශ්‍ය සහයෝගය හම්බෙයිද කියලා අපි අපෙන්ම අහනවා. නමුත් ගන්න මහන්සියෙන් කිසිම ප්‍රතිඵලයක් නොදකිනකොට, ප්‍රැක්ටිස් වලදී තවත් මහන්සි වෙන්න තියෙන උනන්දුව නැති වෙලා යනවා” යැයි ඔහු පැවසීය.
අනාගතයේදී ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවට යම් දායකත්වයක් ලබාදීමට කැමති වුවද, ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය ඊට අධෛර්යමත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
“මම මේ ක්‍රීඩාවට ආදරෙයි, ඒ වෙනුවෙන් යමක් කරන්නත් කැමතියි. නමුත් දැනට තියෙන තත්ත්වය යටතේ මට හිතෙන්නේ නෑ මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. තව හුඟක් දේවල් හැදෙන්න තියෙනවා” ඔහු කීය.
ක්‍රීඩකයන් මුහුණදෙන අභියෝග සඳහා උදාහරණයක් ලෙස සුගතදාස ක්‍රීඩාංගණයේ පවතින තත්ත්වය ද යුපුන් මෙහිදී පෙන්වාදුන්නේය.
“සුගතදාස ක්‍රීඩාංගණය දිහා බැලුවාම ඕනම කෙනෙකුට තත්ත්වය තේරෙනවා. නිසි පහසුකම් නැතුව මම ආයෙත් ආවත්, එහෙමත් නැත්නම් ලෝකයේ ඉන්න හොඳම කෝච් ආවත් අපිට ලොකු දේවල් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ” යැයි ඔහු පැවසීය.
එමෙන්ම පසුගිය වසර පුරා වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා හමු වීමට කිහිප වතාවක්ම උත්සාහ කළද, අමාත්‍යවරයාගේ කාර්යබහුලත්වය හේතුවෙන් ඊට අවස්ථාව නොලැබුණු බවද ඔහු අනාවරණය කළේය.
“පසුගිය අවුරුද්ද පුරාම මම ඔහු සම්බන්ධ කරගන්න උත්සාහ කළා. නමුත් ෆෝන් එකෙන්වත් කතා කරගන්න බැරිවුණා. මම අවසාන පාරට ලංකාවට ආපු වෙලාවෙත් අමාත්‍යවරයාව හම්බවෙන්න උත්සාහ කළා, නමුත් මට ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ” යුපුන් අබේකෝන් වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart