
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් Content නිපදවා දැවැන්ත ආදායමක් උපයමින් තිබූ ප්‍රධාන පෙළේ YouTube නාලිකා 16ක් වසාදැමීමට Google සමාගමට අයත් YouTube ආයතනය පියවර ගෙන තිබේ.
අදාළ නාලිකා මගින් YouTube ආයතනයේ ‘අනිසි භාවිතය සහ ස්පෑම්’ (SPAM) සම්බන්ධ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
වසාදැමීමට හේතුව කුමක්ද?
YouTube ආයතනය පෙන්වාදෙන්නේ අදාළ නාලිකා මගින් ‘AI Slop’ හෙවත් කිසිදු නිර්මාණාත්මක වටිනාකමක් නොමැති, ස්වයංක්‍රීයව (Automated) නිපදවන ලද, එකම දේ නැවත නැවත ඉදිරිපත් කරන වීඩියෝ දහස් ගණනින් පළකර ඇති බවයි.
මෙහිදී වැඩි වශයෙන්,
– පරිශීලකයින් නොමග යවන සුළු මාතෘකා සහ පින්තූර (Clickbait) භාවිතය.
– අඩු ගුණාත්මක මට්ටමේ AI හඬවල් සහ රූප රාමු පමණක් යොදාගෙන වීඩියෝ නිෂ්පාදනය කිරීම.
– නියම නිර්මාණකරුවන්ගේ අවස්ථා අහුරමින් පද්ධතිය (Algorithm) අනිසි ලෙස හැසිරවීම.
එම YouTube නාලිකා ලැබූ ආදායම සහ බලපෑම
වාර්තාවලට අනුව, වසාදමන ලද මෙම YouTube නාලිකා 16 සතු කරුණු මෙසේය.
– මුළු ග්‍රාහකයින් (Subscribers): මිලියන 35කට වඩා වැඩිය
– මුළු නැරඹුම් වාර (Total Views): බිලියන 4.7කට වඩා වැඩිය
– වාර්ෂික ඇස්තමේන්තුගත ආදායම: ඇ. ඩොලර් මිලියන 10කට ආසන්න වේ (ශ්‍රී ලංකා රු. බිලියන 3කට වඩා වැඩි).
වසාදමන ලද නාලිකා අතර මිලියන 5කට වඩා ග්‍රාහකයන් සිටි Cuentos Facinantes සහ Imperio de Jesus වැනි ප්‍රබල නාලිකා ද ඇතුළත් වන බව සඳහන් වේ.
මේ පිළිබඳව YouTube ප්‍රධාන විධායක නිලධාරියාගේ (CEO) ගේ ප්‍රකාශය:
YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මෝහන් (Neal Mohan) මීට පෙර සඳහන් කර තිබුණේ, AI තාක්ෂණය නිර්මාණකරුවන්ට සහායක් ලෙස භාවිත කිරීම ගැටලුවක් නොවන නමුත්, මිනිස් ශ්‍රමයකින් තොරව හුදෙක් මුදල් ඉපයීමේ අරමුණින් පමණක් පද්ධතියට මුදාහරින SPAM අන්තර්ගතයන් ඉදිරියේදී තවදුරටත් දැඩි පාලනයකට ලක්කරන බවයි.
මෙම පියවර මගින් සැබෑ නිර්මාණකරුවන්ට (Human Creators) සාධාරණ අවස්ථාවක් ලබාදීම YouTube හි අරමුණ වී තිබේ.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart