
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හොර රහසේ මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන්වන ලද ඈෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ ස්ථාපිත උතුරු පලාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මුලංකාවිල් පොලිස් වසමේ A32 මාර්ගයේ, 31 කණුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකරනු ලැබීය.
එහි දී හොර රහසේ මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන්වන ලද ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 804 ක් සන්තකයේ තබාගෙන සිටි මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් අත්අඩංගුවට ගනු ලැබුණි.
සැකකරුගේ වයස අවුරුදු 17 ක් බව විශේෂ කාර්ය බලකාය පැවසීය.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලංකාවිල් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart