
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගිනි අවිවලට යොදන උණ්ඩ සහිතව කොළඹ තරු පහේ හෝටලයකට ඇතුළු වූ තරුණයකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති තරුණයා එම තරු පහේ හෝටලයේ පිහිටි ආයතනයක පවත්වාගෙන යන අරක්කැමි පාඨමාලාවක් හදාරන සිසුවකු බව විමර්ශනවලදී හෙළිවී ඇත.
සැකකාර සිසුවාගේ ගමන් බෑගයේ තිබී m16 වර්ගයේ ජීව උණ්ඩයක්ද ,වර්ගය නොදන්නා ගිනි අවියක හිස් කොපුවක් ද තිබී සොයාගත් බව කොටුව පොලීසිය පවසයි.
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අද(09) අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart