July 1, 2025

කහවත්ත, යයින්න ප්‍රදේශයේ වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධියකින් තරුණයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවැසීය.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ රාත්‍රියේ නිවසකට පුද්ගලයන් සිව්දෙනකු පැමිණ අදාළ තරුණයන් දෙදෙනා පැහැරගෙන, දුර බැහැර ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩිතබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩිතැබීමෙන් 22 හැවිරිදි තරුණයකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, 27 හැවිරිදි අනෙක් තරුණයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.

වෙඩිතැබීමට හේතුව සහ වගකිව යුතු අයගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.