
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්කරුවන් සහ සමුපකාර සමිති සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.
මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇති පරිදි මෙම වැඩසටහන අද සිට නොවැම්බර් 15 දක්වා ක්‍රියාත්මක වේ.
යල කන්නයේ ගොවීන්ට සාධාරණ මිලක් පවත්වා ගැනීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.
සහනදායී පොලී අනුපාතය යටතේ දෛනිකව මෙට්‍රික් ටොන් 25ක උපරිම ධාරිතාවක් ඇති කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල්කරුවන්ට සහ සමුපකාර සමිතිවලට එම ණය නිකුත් කෙරේ.
සියලුම ණය ගන්නන්ට අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් සහ වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් තිබිය යුතුය.
ණය යෝජනා ක්‍රමය යටතේ මෝල් හිමියන්ට වාර්ෂික 07%ක සහනදායි පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදල් ලබාගත හැකි අතර, එම ණය මුදල දින 180ක් තුළ ගෙවිය යුතුය.
ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු විසින් ලබාදීමට නියමිත ණයවල ඇස්තමේන්තුගත මුළු වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 6,500 කි.
ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් සහතික කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන ලද අවම මිලකට වී මිලදී ගැනීමට මෙම යෝජනා ක්‍රමය මගින් සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart